Friday, February 28, 2014

මං බහින්නෑ ; රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටයට....


ශ්‍රී පාලි මණ්ඩපයේ අවසන් වසරේ නාට්‍ය හා රංග කලාව හදාරන විද්‍යාර්ථියෙකු වන ක්‍රිශාන්ත ජයබාහු සහෝදරයාගේ නිර්මාණයක් වන මං බහින්නෑ කෙටි නාට්‍යය මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කළ අතර එය පෙබරවාරි 24  වනදා සවස මරදාන ටවර් රඟහලේදී වේදිකා ගත කෙරුණි. 


ශ්‍රී පාලි නිර්මාණ විලේ සුපිපුණ තවත් එක් සුගන්ධවත් පුෂ්පයක් බඳු වූ මෙම නිර්මාණය මීට පෙර නාට්‍ය උළෙලවල් කිහිපයක්ම නියෝජනය කරන ලද්දකි. ඒ අනුව අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර හා විනිශ්චය මණ්ඩලයේ අවධානයට පාත්‍ර වූ මෙම නාට්‍ය නිර්මාණය මෑත කාලීනව ශ්‍රී පාලි මණ්ඩපයේ විද්‍යාර්ථියෙකු විසින් නිර්මාණය කළ විශිෂ්ට කෙටි නාට්‍යයකි. ක්‍රිශාන්ත ජයබාහු, රොහාන් විජේතුංග හා මාධව යන සහෝදරයින් විසින් මෙහි චරිත නිරූපණය කරන අතර හාස්‍යය මුසු වූ සියුම් ජීවිත යතාර්ථයක් හෙළි කරන නාට්‍ය නිර්මාණයක් සේ ක්‍රිශාන්ත ජයබාහු සහෝදරයාගේ මං බහින්නෑ කෙටි නාට්‍යය ඇගයීමට ලක් කළ හැකි අතර කල්පනා ලෝකය තුළින් තවත් මෙවන් සාර්ථක නිර්මාණ කිරීමට ඔහුට ශක්තියද ප්‍රාර්ථනා කරමි.(Photo Credit: Krishantha Jayabahu) 

No comments:

Post a Comment