කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ රූපවාහිනී මාධ්‍යය හදාරන 2009/2010 ශිෂ්‍ය කණ්ඩායම විසින් සංවිධානය කළ "ක්ෂිතිජ නිම්නය" ඒකාංගික ටෙලි නාට්‍ය දැක්ම පසුගිය 20 වනදා ශ්‍රී පාලි මණ්ඩපයේ අරුන්දතී ශාලාවේදී පැවැත්වුණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන අමුත්තා ලෙස ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා සහභාගි වූ අතර ධර්මසිරි බණ්ඩාරනායක, බර්ට්‍රම් නිහාල් යන මහත්වරු ඇතුළුව ශ්‍රී පාලි මණ්ඩපයේ කථිකාචාර්ය මණ්ඩලය සහ අනෙකුත් වසර වල විද්‍යාර්ථීන්ද සහභාගි විය.
මෙම ටෙලි නාට්‍ය දැක්මට පෙර එදින උදෑසන පටන් ප්‍රවීණ අධ්‍යක්ෂ චාමර ජනරාජ පීරිස් මහතා සහ ප්‍රගීත් ප්‍රසන්ජය යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රූපාවාහිනීකරණය සම්බන්ධව වැඩමුළුවක් පැවත්වුණු අතර එම ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින සහ එම ක්ෂේත්‍රය පිළිබඳව හදාරමින් සිටින මෙම මණ්ඩපයේ විද්‍යාර්ථීන්ට එම වැඩමුළුව තුළින් ලබාගත හැකි වූ දැනුම අතිමහත්ය. එසේ පැවති වැඩමුළුවෙන් අනතුරුව පස්වරු 6 ට පමණ "ක්ෂිතිජ නිම්නය" ඒකාංගික ටෙලි නාට්‍ය දැක්ම ආරම්භ විය.
"ක්ෂිතිජ නිම්නය" ඒකාංගික ටෙලි නාට්‍යය ප්‍රදර්ශනයට පෙර සංවිධානය වූ අංග කිහිපයක් මෙම අවස්ථාවට ඇතුළත් විය.ඉන් එක් අංගයක් වූයේ ශ්‍රී පාලි මණ්ඩපයේ සේවය කරමින් සිටියදී හදිසියේ අභාවප්‍රාප්ත වූ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ කථිකාචාර්ය කුමාරසිරි එදිරිමාන්න මහතා සිහිකිරීම සඳහා ඒ වෙනුවෙන් සකස් කළ වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කිරීම සහ එතුමා වෙනුවෙන් මිනිත්තුවක නිහඬතාවයකුත් පළකිරීමයි. මෙම අවස්ථාව සඳහා එවැනි අංගයක් ඇතුළත් කිරීමට මෙහි සංවිධායක මණ්ඩලය කටයුතු කිරීම සම්බන්ධයෙන් එම සංවිධායක මණ්ඩලයට ප්‍රශංසාව හිමි විය යුතුය.
තවද මෙයට ඇතුළත් වූ තවත් ප්‍රධාන අංගයක් වූයේ මෙම ටෙලි නාට්‍ය දැක්මේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගි වූ ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතාට උපහාර දැක්වීමේ අවස්ථාවයි. එම අවස්ථාව රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතාට අතිශය හැඟුම්බර අවස්ථාවක් වූ අතර ඔහුගේ අව්‍යාජ බව හා නිහතමානී බව මෙම අවස්ථාවට සහභාගී වී සිටි පිරිස ඉදිරියේ කදිමට සාක්ෂාත් වූ අවස්ථාවක් විය.
ඉන් අනතුරුව මෙම අවස්ථාවට ඇතුළත් වූයේ "ක්ෂිතිජ නිම්නය" ඒකාංගික ටෙලි නාට්‍යය සඳහා දායක වූ පුද්ගලයින්ට සිහිවටන ඵලක ප්‍රදානය කිරීමේ අවස්ථාවයි. එහිදී ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය ඇතුළුව සුළු චරිත නිරූපණය කළ පුද්ගලයින්ට සිහිවටන ඵලක ප්‍රදානය කළහ. නමුත් මෙහි ප්‍රධාන චරිතයට හා ආරධිත රංගනයක් ඉදිරිපත් කළ පුබුදු කුරුගල මහතාට සිහිවටන ඵලක ප්‍රදානය කිරීමෙන් ඔබ්බට ගොස් සෙසු ඉතාම සුළු චරිත නිරූපනයන්ට පවා සිහිවටන ඵලක ප්‍රදානය කිරීම ටෙලි නාට්‍යය ප්‍රදර්ශනයෙන් අනතුරුව බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ කාරණයක් විය.
ටෙලි නාට්‍යයේ අන්තර්ගතය වූයේ සිය රැකියා ස්ථානයේ ප්‍රධානියා විසින් අතවරයට ලක් වූ තරුණියක පසුව තරුණයෙකු විසින් විවාහ කරගෙන ඇයට යහපත් ජීවිතයක් උරුමකර දීම පිළිබඳ කතාවයි. නමුත් මෙම නාට්‍යය නැරඹීම පිණිස නොඉවසිල්ලෙන් බලාසිටි පිරිස තුළ ඔවුන් බලාපොරොත්තු වූ තරමට තිගැස්මක් ඇති වූයේ නැත. ගෙරවූ තරමට වැසි නොවැටුණා සේ ප්‍රේක්ෂකාගාරය බලාපොරොත්තු වූ තරමට එකී ප්‍රයත්නය තුළ ප්‍රේක්ෂකාගාරය උන්මාදයට පත් වූයේ නැත.
නමුත් ටෙලි නාට්‍යයේ තේමා ගීතයේ පද රචනයත් එහි සංගීත නිර්මාණය හා ගායනයත් ඉතා ඉහළ ගුණාත්මක භාවයක පැවතුණි. ඒ හා සමානව ටෙලි නාට්‍යයේ අන්තර්ගතයත් නිර්මාණය වූවා නම් මෙම ප්‍රයත්නය අතිශයින් සාර්ථක ප්‍රයත්නයක් සේ අගය කළ හැක. නමුත් ශ්‍රී පාලි නිර්මාණ කතරට වැටුණු දිය පොදක් සේ මෙම නිර්මාණ කාර්යයට හිමි වන්නා වූ ස්ථානය ඉතා ඉහළ වටිනාකමක් ගන්නා අතර මෙය නිර්‍මාණය කළ රූපවාහිනී මාධ්‍යය හදාරන 2009/2010 ශිෂ්‍ය කණ්ඩායමට සරසවි දිවිය තුළ හා ඉන් පසුවත් තවදුරටත් මෙවන් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවායි කල්පනා ලෝකය තුළින් ප්‍රාර්ථනා කරමි.

No comments:
Post a Comment