ශ්‍රී පාලි ක්‍රීඩා උළෙල අවසන්... සමස්ථ ශූරතාවය දෙවන වසරට.....!
2014 ශ්‍රී පාලි ක්‍රීඩා උළෙල ඊයේ(14) අවසන් වූයේ උළෙලේ වැඩි ගෞරවය දෙවන වසරට අත්කර දෙමින්ය. එනම් පළමු වසර, තෙවන වසර, සිව්වන වසර හා අනධ්‍යයන යන සියළු කණ්ඩායම් අභිබවමින් උළෙල පුරා සිය අණසක පැතිරවීමට දෙවන වසර විද්‍යාර්ථීහු සමත් වූහ.
2014 ශ්‍රී පාලි ක්‍රීඩා උළෙල ආරම්භ වූයේ පසුගිය 11 වෙනිදා බැඩ්මින්ටන් තරඟ ආරම්භ කරමින්ය. එදින සිට දින හතරක් පුරා ජවන හා පිටිය තරඟ, දැල් පන්දු, වොලිබෝල් හා ක්‍රිකට් යන තරඟ ශ්‍රී පාලි මණ්ඩපය තුළ පිහිටි ක්‍රීඩා පිටියේ සහ ශ්‍රී පාලි විදුහල් ක්‍රීඩා පිටියේදී පවත්වන ලදි. පළමු වසර, දෙවන වසර, තෙවන වසර, සිව්වන වසර, අධ්‍යයන හා අනධ්‍යයන ලෙස කණ්ඩායම් 6ක් යටතේ තරඟ පැවැත්වුණි. එහිදී අධ්‍යයන කණ්ඩායම ලෙස තරඟ සඳහා සහභාගි වූ මණ්ඩපාධිපතිතුමා ඇතුළු කථිකාචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහභාගි වූ තරඟ සුහද තරඟ ලෙස පවත්වන ලදි. (Photo Credits: Dinuka Malinda, Gayan Subasinghe)
------------------------------
ශ්‍රී පාලි මණ්ඩපයේ අවසන් වසරේ නාට්‍ය හා රංග කලාව හදාරන විද්‍යාර්ථියෙකු වන ක්‍රිශාන්ත ජයබාහු සහෝදරයාගේ නිර්මාණයක් වන මං බහින්නෑ කෙටි නාට්‍යය මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසන් වටය නියෝජනය කළ අතර එය පෙබරවාරි 24 වනදා සවස මරදාන ටවර් රඟහලේදී වේදිකා ගත කෙරුණි. ශ්‍රී පාලි නිර්මාණ විලේ සුපිපුණ තවත් එක් සුගන්ධවත් පුෂ්පයක් බඳු වූ මෙම නිර්මාණය මීට පෙර නාට්‍ය උළෙලවල් කිහිපයක්ම නියෝජනය කරන ලද්දකි. ඒ අනුව අතිශය ප්‍රේක්ෂක ප්‍රතිචාර හා විනිශ්චය මණ්ඩලයේ අවධානයට පාත්‍ර වූ මෙම නාට්‍ය නිර්මාණය මෑත කාලීනව ශ්‍රී පාලි මණ්ඩපයේ විද්‍යාර්ථියෙකු විසින් නිර්මාණය කළ විශිෂ්ට කෙටි නාට්‍යයකි. ක්‍රිශාන්ත ජයබාහු, රොහාන් විජේතුංග හා මාධව යන සහෝදරයින් විසින් මෙහි චරිත නිරූපණය කරන අතර හාස්‍යය මුසු වූ සියුම් ජීවිත යතාර්ථයක් හෙළි කරන නාට්‍ය නිර්මාණයක් සේ ක්‍රිශාන්ත ජයබාහු සහෝදරයාගේ මං බහින්නෑ කෙටි නාට්‍යය ඇගයීමට ලක් කළ හැකි අතර කල්පනා ලෝකය තුළින් තවත් මෙවන් සාර්ථක නිර්මාණ කිරීමට ඔහුට ශක්තියද ප්‍රාර්ථනා කරමි.(Photo Credit: Krishantha Jayabahu)
------------------------------
ශ්‍රී පාලියේ නව අධ්‍යයන වර්ෂය 17 වෙනිදා ඇරඹේ.....
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ නව අධ්‍යන වර්ෂය මෙම මස 17 වෙනිදා ඇරඹීමට නියමිතය.ඒ අනුව පසුගිය අධ්‍යයන වර්ෂයේ දෙවන සෙමෙස්තරයේ විභාගයෙන් පසු ආරම්භ වූ නිවාඩුව මේ සමඟ අවසන් වේ.
No comments:
Post a Comment