Saturday, March 15, 2014
Friday, February 28, 2014
ක්ෂිතිජ නිම්නයෙන් ඔබ්බට....
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ රූපවාහිනී මාධ්‍යය හදාරන 2009/2010 ශිෂ්‍ය කණ්ඩායම විසින් සංවිධානය කළ "ක්ෂිතිජ නිම්නය" ඒකාංගික ටෙලි නාට්‍ය දැක්ම පසුගිය 20 වනදා ශ්‍රී පාලි මණ්ඩපයේ අරුන්දතී ශාලාවේදී පැවැත්වුණි. එම අවස්ථාව සඳහා ප්‍රධාන අමුත්තා ලෙස ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා සහභාගි වූ අතර ධර්මසිරි බණ්ඩාරනායක, බර්ට්‍රම් නිහාල් යන මහත්වරු ඇතුළුව ශ්‍රී පාලි මණ්ඩපයේ කථිකාචාර්ය මණ්ඩලය සහ අනෙකුත් වසර වල විද්‍යාර්ථීන්ද සහභාගි විය.
මෙම ටෙලි නාට්‍ය දැක්මට පෙර එදින උදෑසන පටන් ප්‍රවීණ අධ්‍යක්ෂ චාමර ජනරාජ පීරිස් මහතා සහ ප්‍රගීත් ප්‍රසන්ජය යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් රූපාවාහිනීකරණය සම්බන්ධව වැඩමුළුවක් පැවත්වුණු අතර එම ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින සහ එම ක්ෂේත්‍රය පිළිබඳව හදාරමින් සිටින මෙම මණ්ඩපයේ විද්‍යාර්ථීන්ට එම වැඩමුළුව තුළින් ලබාගත හැකි වූ දැනුම අතිමහත්ය. එසේ පැවති වැඩමුළුවෙන් අනතුරුව පස්වරු 6 ට පමණ "ක්ෂිතිජ නිම්නය" ඒකාංගික ටෙලි නාට්‍ය දැක්ම ආරම්භ විය.

Wednesday, February 12, 2014
ශ්‍රී පාලියේ නව අධ්‍යයන වර්ෂය 17 වෙනිදා ඇරඹේ.....
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ නව අධ්‍යන වර්ෂය මෙම මස 17 වෙනිදා ඇරඹීමට නියමිතය.ඒ අනුව පසුගිය අධ්‍යයන වර්ෂයේ දෙවන සෙමෙස්තරයේ විභාගයෙන් පසු ආරම්භ වූ නිවාඩුව මේ සමඟ අවසන් වේ.
Subscribe to:
Posts (Atom)