Saturday, March 15, 2014

ශ්‍රී පාලි ක්‍රීඩා උළෙල අවසන්... සමස්ථ ශූරතාවය දෙවන වසරට.....!


2014 ශ්‍රී පාලි ක්‍රීඩා උළෙල ඊයේ(14) අවසන් වූයේ උළෙලේ වැඩි ගෞරවය දෙවන වසරට අත්කර දෙමින්ය. එනම් පළමු වසර, තෙවන වසර, සිව්වන වසර හා අනධ්‍යයන යන සියළු කණ්ඩායම් අභිබවමින් උළෙල පුරා සිය අණසක පැතිරවීමට දෙවන වසර විද්‍යාර්ථීහු සමත් වූහ.


2014 ශ්‍රී පාලි ක්‍රීඩා උළෙල ආරම්භ වූයේ පසුගිය 11 වෙනිදා බැඩ්මින්ටන් තරඟ ආරම්භ කරමින්ය. එදින සිට දින හතරක් පුරා ජවන හා පිටිය තරඟ, දැල් පන්දු, වොලිබෝල් හා ක්‍රිකට් යන තරඟ ශ්‍රී පාලි මණ්ඩපය තුළ පිහිටි ක්‍රීඩා පිටියේ සහ ශ්‍රී පාලි විදුහල් ක්‍රීඩා පිටියේදී පවත්වන ලදි. පළමු වසර, දෙවන වසර, තෙවන වසර, සිව්වන වසර, අධ්‍යයන හා අනධ්‍යයන ලෙස කණ්ඩායම් 6ක් යටතේ තරඟ පැවැත්වුණි. එහිදී අධ්‍යයන කණ්ඩායම ලෙස තරඟ සඳහා සහභාගි වූ මණ්ඩපාධිපතිතුමා ඇතුළු කථිකාචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහභාගි වූ තරඟ සුහද තරඟ ලෙස පවත්වන ලදි. (Photo Credits: Dinuka Malinda, Gayan Subasinghe)








No comments:

Post a Comment